සීගිරිය

_Sigiriya_






සීගිරිය  ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ල නගරයට ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ කිඹිස්ස ප්‍රදේශයේ පිහිටි පරිවතයකි. එය ආසන්න වශයෙන් 180 m (590 ft) පමණ උසැති දැවැන්ත පාෂාණ තීරුවකින් ආධිපත්‍යය දරන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි.

භූ විද්‍යාත්මක ලක්‍ෂණ

සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.